රැකියා සහ සුභසාධන

රැකියා සහ සුභසාධන

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් කොරියාවේ සෝල් නගරයෙන් පිටත කොන්සියුලර් හා රැකියා, සුබ සාධන ජංගම සේවාවන් ක්‍රියාත්මක කරනු ලබන අතර කොන්සියුලර් හා රැකියා, සුබසාධන සේවා ලබාගැනීම සදහා සෝල් ප්‍රදේශයට පැමිණීමට අපහසු කොරියානු රාජ්‍යයේ ජිවත්වන හා සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා මෙමගින් පුළුල් සේවාවක් ලබාදීමට හැකියාව ලැබී ඇත.

තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශය මගින් කොන්සියුලර් හා රැකියා සුබසාධන ජංගම සේවාවන් වලදී පහත සේවාවන් ලබාදීමට කටයුතු කරනු ලැබේ.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අලුත් කර දීමට කටයුතු කිරීම.
  • රැකියාව සම්බන්ධව උද්ගතවන ගැටළු සදහා අවශ්‍ය උපදේශනය හා තොරතුරු ලබාදීම.
  • නිත්‍යානුකූල නොවන අයුරින් කොරියාවේ රැදී නොසිටීම සදහා උපදෙස් /තොරතුරු ලබාදීම, කාර්මික හා කාර්මික නොවන අනතුරුවලින් ආරක්ෂා වීම සදහා දැනුවත් කිරීම්, ‍EPS රැකියාලාභීන් සදහා හිමි රක්ෂණ ක්‍රම හා ඒවායින් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම ජාතික විශ්‍රාම සේවාව හා සම්බන්ද තොරතුරු පිලිබදව දැනුවත් කිරීම.
  • තානාපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන දිරිය මග සුබසාධන හා දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබද තොරතුරු ලබාදීම.
  • නියමිත සේවාකාලය නිම කර මව්බිම කරා යාමට නියමිත හෝ පැමිණි ශ්‍රමික ප්‍රජාව උදෙසා ශ්‍රී ලංකාව/කොරියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිලිබදව දැනුවත් කිරීම.

කොරියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන ආගමික ,සංස්කෘතික හා ක්‍රීඩා උත්සව අවස්ථාවන් හා සමගාමිව තානාපති කාර්යලය විසින් කොන්සියුලර් හා රැකියා , සුබසාධන ජංගම සේවාවන් පවත්වනු ලබන අතර විශාල ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසකට එමගින් ඉහත සදහන් සේවාවන් ලබාගැනීම සදහා ඉඩ සැලසේ.

තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අවශ්‍යතාවයන් මත කොරියාවේ විවිධ ප්‍රදේශයන්හි පිහිටි විදේශ ශ්‍රමික උපකාරක මධ්‍යස්ථාන හා සම්බන්ධ වෙමින්ද තනාපති කාර්යාල ජංගම සේවාවන් ක්‍රියාත්මක කරනු ලබන අතර, කොරියානු රාජ්‍ය ආයතනයන්හි සහයෝගය ඇතිව තානාපති කාර්යාලයේ සේවා දුරස්ථ ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පහසුව සදහා පුළුල්ව හා කඩිනම් ව ලබා දීමට ද කටයුතු කරනු ලැබේ.