කොන්සියුලර් සේවා

කොන්සියුලර් සේවා

නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම

අයදුම් පත්‍රය බාගත කරගන්න        උපදෙස් පත්‍රිකාව

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය.

  1. උප්පැන්න සහතික‍යේ මුල් පිටපත හෝ එහි ඡායා පිටපතක් (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  2. ජාතික හැඳුනුම්පත හෝ එහි පිටපතක් (තිබේ නම් පමණක්)
  3. වත්මන් විදේශ ගමන් බලප‍ත්‍රය (නැති වී තිබේ නම් එහි ඡායා පිටපතක්)
  4. පසුගිය මාස 03ක් ඇතුළත ලබාගත් වර්ණ ඡායාරූප 03ක් (සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්‍රමාණයෙන්)
    සැලකිය යුතුයි:
    සම්පූර්ණ මුහුණ සහ දෙකන් පැහැදිලි ව දර්ශනය විය යුතු අතර හෙල්මට්, ජැකට්, උපැස් යුවල සහ පිරිමි අයෙක් නම් කරාබු නොපැළඳ සිටිය යුතුය.
  5. වලංගු කොරියානු වීසාවක් තිබේ නම් එම වීසා කාඩ්පත

    සටහන : අයදුම්කරු ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක් නම් ඔහුගේ/ඇයගේ විදේශීය ගමන් බලපත්‍රය සහ ද්විත්ව පුරවැසි සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.

    වත්මන් විදේශ ගමන් බලපත්‍රය නැති වූ, සොරාගත් හෝ විනාශ වූ අයදුම්කරුවන්
    ද වීසා නොමැති අයදුම්කරුවන් ද නව විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය සමඟ සම්පූර්ණ කළ යුතුය.

ගාස්තුව
විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය වසර 10ක්
ඉක්මවා ගොස් තිබේනම්
විදේශ ගමන් බලපත්‍රය නැතිවී හෝ විනාශවී ඇත්නම්
M සහ N කාණ්ඩ සඳහා -කොරියානු වොන් 190,000/- කොරියානු වොන් 450,000/- (ඡායා පිටපතක් තිබේනම්)
J, K, සහ L කාණ්ඩ සඳහා - කොරියානු වොන් 450,000/- කොරියානු වොන් 570,000/- (ඡායා පිටපතක් නොමැතිනම්)

දරුවෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම (වයස අවුරුදු 16ට අඩු)

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආයුතුය.

  1. දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    (දරුවාගේ උපත මේ වනතෙක් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ ලියාපදිංචි කර නොමැති නම් පළමුව එම කාර්යය ඉටුකරගත යුතුය.)
  2. මාසයක් ඇතුළත ලබාගත් දරුවාගේ වර්ණ ඡායාරූප 03ක් (සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්‍රමාණයෙන්)
    සැලකිය යුතුයි : දරුවාගේ ඇස් නොපියවී සම්පූර්ණ මුහුණ දර්ශනය විය යුතුය.
  3. විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මවගේ සහ පියාගේ ලිඛිත අනුමැතිය
  4. දෙමාපියන්ගේ විදේශ ගමන් බලප‍ත්‍ර
  5. දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත (දෙමව්පියන් විවාහ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය යටතේනම්, විවාහ සහතිකයේ ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)

අයදුම්පත් බාරදීම සඳහා මව හෝ පියා පමණක් පැමිණිය හැකි අතර දරුවන් රැගෙන ඒම අවශ්‍ය නොවේ. කෙසේ වුවද දෙමව්පියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි රැගෙන ඒම අත්‍යවශ්‍යවේ. (මෙම විදේශ ගමන් බලපත්‍රය වලංගු වන්නේ වසර 03ක් සඳහා පමණි.)




ගාස්තුව
කොරියානු වොන් 155,000/-

තාවකාලික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම (NMRP)

(විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත්වී, නැතිවී හෝ විනාශ වී ඇතිවිට ශ්‍රී ලංකාවට යාම සඳහා පමණි.)

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය.

  1. කල් ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රය (නැතිවී හෝ විනාශවී ඇත්නම් එහි ඡායා පිටපතක්)
  2. උප්පැන්න සහතිකයේ මුල්පිටපත හෝ ඡායා පිටපතක් (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  3. පසුගිය මාස 03ක් ඇතුළත ලබාගත් වර්ණ ඡායාරූප 02ක් (සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්‍රමාණයෙන්)
  4. ගුවන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ( පිටත්වීමේ දිනය විදේශ ගමන් බලපත්‍රය අයදුම් කරන දින සිට මාසයක් ඇතුළත විය යුතුය.)

ගාස්තුව
කල් ඉකුත්වූ විදේශ ගමන් බලපත්‍රය තිබේනම් : කොරියානු වොන් 65,000/-
කල් ඉකුත්වූ විදේශ ගමන් බලපත්‍රය නොමැති විට : කොරියානු වොන් 200,000/-
ගාස්තුව

එක් (01) වර්ෂයකට - කොරියානු වොන් 4,000/-

නම හෝ වෘත්තිය වෙනස් කිරීම/ඇතුළත් කිරීම

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආයුතුය.

  1. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  2. උප්පැන්න සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  3. නම් වෙනස් කිරීමක් නම්,වලංගු දිවුරුම් ප්‍රකාශයක්
  4. විවාහයට පෙර වාසගම වෙනස් කිරීමක් නම්, විවාහ සහතිකයේ මුල් පිටපත්
  5. වෘත්තිය වෙනස් කිරීමක් හෝ ඇතුළත් කිරීමක් නම්, අදාළ වෘත්තීය සහතික

    සැලකිය යුතුයි: (මෙම සහතික ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කර තිබිය යුතුය.)

    නම හෝ වෘත්තිය වෙනස් කිරීම/ඇතුළත් කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආගමන විගමන
    දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව පමණක් බව කාරුණිකව සලකන්න.

ගාස්තුව

කොරියානු වොන් 15,000/-

උපතක් ලියාපදිංචි කිරීම සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම

අයදුම්කරුවන් පහත දැක්වෙන දෑ රැගෙන ආයුතුය.

  1. දරුවා උපත ලද රෝහලෙන් නිකුත් කරන ලද උප්පැන්න සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයේ මුල් පිටපත (විශේෂයෙන්ම, දරුවාගේ සම්පූර්ණ නම සහ දෙමාපියන්ගේ සම්පූර්ණ නම් නිවැරදිව එහි සඳහන් වී තිබිය යුතුය.)
  2. දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත් (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  3. දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  4. දෙමව්පියන්ගේ විදේශ ගමන් බලපත්‍ර
  5. ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳ පියාගේ ප්‍රකාශය (දරුවාගේ පියා විදේශිකයෙකු නම්, මව මෙම ප්‍රකාශය ලබාදිය යුතුය.)
  6. කොරියානු වීසා බලපත්‍රය (Alien Registration Card)

    සැලකිය යුතුයි: දරුවා උපදින අවස්ථාවේ පියා වීසා නොමැතිව සිටියේ නම් ඒ බව දැක්වෙන දිවුරුම් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු තානාපති කාර්යාලයට අනිවාර්යයෙන් පැමිණිය යුතුය.(පියා විදේශිකයෙකු නම් ද, මවට වීසා නොමැති නම් ද, ඇය විසින් මෙම දිවුරුම් ප්රකාශය ලබාදිය යුතුය.) සාමාන්යයෙන් උපතක් සිදු වී වර්ෂයක් ඇතුළත ලියාපදිංචි කළ යුතුය. එසේ නොවන අවස්ථාවල දී උපත ලියාපදිංචි කිරීම සඳහා උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ට්රාර් ජනරාල්වරයාගේ අනුමැතිය ලබාගත යුතුය.

  7. ගාස්තුව
    KRW 93.000

විවාහ ලියාපදිංචි කිරීම

සටහන: දෙපාර්ශවයම අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකිකයින් විය යුතුය.

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය.

  1. සිවිල් තත්වය (විවාහක/අවිවාහක බව) තහවුරු කිරීමට දෙපාර්ශවයේම මව හෝ පියාගෙන් දිවුරුම් ප්‍රකාශයක් (අවිවාහක සහතිකය)
    [සැ.යු. යෝජිත විවාහයට විරුද්ධත්වයක් නොමැති බවද එහි පැහැදිලිව සඳහන්විය යුතුය.]
  2. දික්කසාදවී ඇත්නම්, දික්කසාද සහතිකය
  3. වැන්දඹුවී ඇත්නම් මියගිය ක‍ලත්‍රයාගේ මරණ සහතිකය සහ පෙර විවාහ සහතිකය
  4. දරුකමට හදාගත් අයෙක් නම්, එම සහතිකය
  5. දෙදෙනාගේම උප්පැන්න සහතිකවල මුල් පිටපත් (ඉංග්‍රීසි පරිවර්තන බාරගනු නොලැබේ.)
  6. දෙදෙනාගේම වලංගු විදේශ ගමන් බලපත්‍ර
  7. සාක්ෂිකරුවන් දෙදෙනෙක් (වලංගු විදේශ ගමන් බලපත්‍ර සහිත)

  8. සැලකිය යුතුයි:
    විදේශ ගමන් බලපත්ර හැර අනෙකුත් සියලුම ලියවිලි කොළඹ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවාගත යුතුය. අවිවාහක සහතිකයේ සියලුම නම්, විදේශ ගමන් බලපත්ර අංක, ජාතික හැඳුනුම්පත් අංක ආදිය නිවැරදිව දැක්විය යුතුය.

ගාස්තුව
KRW 98.000

මරණයක් ලියාපදිංචි කිරීම

(මෘත දේහය කොරියාවේදී මිහිදන් හෝ ආදාහනය කරන්නේ නම් පමණි.)

පළමුව, මරණය පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවකු (මියගිය පුද්ගලයාගේ නෑදෑයෙකු, මිතුරෙකු හෝ වෙනත් පුද්ගලයෙකු විය හැකිය.)
විසින් තානාපති කාර්යාලයට වහාම දැනුම් දිය යුතුය.

රැගෙන ආයුතු ලියවිලි;

  1. වෛද්‍යවරයා විසින් නිකුත්කරන ලද මරණ සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය සමඟ)
  2. දේහය බාරදීමේදී රෝහලෙන් නිකුත් කරන ලද සහතිකය (ඉංග්‍රීසි පරිවර්තනය සමඟ)
  3. මරණය සම්බන්ධයෙන් කොරියානු බලධාරීන් විසින් නිකුත් කරන ලද අනෙකුත් ලියවිලි (ඉංග්‍රීසි පරිවර්තන සමඟ)
  4. මියගිය පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ අනෙකුත් හඳුනාගැනීමේ ලියවිලි
  5. අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රය
ගාස්තුව
KRW 28.000



ලියවිලි සහතික කිරීම

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආයුතුය.

රියැදුරු බලපත්‍ර සහතිකය සඳහා

  1. ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය
  2. වේරහැර රියදුරු බලපත් නිකුත් කිරීමේ කාර්යාලයෙන් හෝ වෙනත් ප්‍රාදේශීය කාර්යාලයකින් නිකුත් කරන රියදුරු බලපත්‍රයේ උද්ධෘතය.
    අයදුම්කරුගේ සම්පූර්ණ නම, විදේශ ගමන් බලපත්රයේ දැක්වෙන පරිදිම රියදුරු බලපත්රයේ සහ එහි උද්ධෘතයේ සඳහන්ව තිබිය යුතු අතර එක අකුරක හෝ වෙනසක් ඇත්නම් එය නිවැරදි කරවාගෙන පැමිණිය යුතුය.නොඑසේනම් කොරියානු රියැදුරු බලපත්රය නිකුත් කිරීම ප්රතික්ෂේප විය හැකිබව කාරුණිකව සලකන්න.
    මෙම සහතිකය ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යාංශයේ සියුලර් අංශයෙන් සහතික කරවා ගතයුතුය.

    මෙම සහතිකය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියුලර් අංශයෙන් සහතික කරවා ගතයුතුය.
  3. වලංගු විදේශ ගමන් බලපත්‍රය

ගාස්තුව
KRW 76.000



ඇටෝනි බලපත්‍ර සඳහා

  1. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  2. සාක්ෂිකරුවන් (අව‍ශ්‍යනම්) (වලංගු විදේශ ගමන් බලපත්‍ර සහිත)
    සැලකිය යුතුයි: අයදුම්කරු, හා සාක්ෂිකරුවන් තානාපති කාර්යාලයේ අදාළ නිලධාරියා ඉදිරිපිට දී ඇටෝනි බලපත්රයේ අත්සන් තැබිය යුතුය.
ගාස්තුව
කොරියානු වොන් 86.000



නීතිඥයෙකු/සමාදාන විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ සිදුකරන දිවුරුම් ප්‍රකාශ සඳහා

  1. මෙම දිවුරුම් ප්‍රකාශ පළමුව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවා ගත යුතුය.
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ආයුතුය.



ස්වයං දිවුරුම් ප්‍රකාශ/නිවාඩු සඳහා අයදුම් කිරීම/කැමැත්ත ප්‍රකාශිත ලිපි/ශ්‍රී ලංකාවේ රාජ්‍ය හෝ වෙනත් ආයතනවලට යොමු කරන ඉල්ලීම් ආදිය සඳහා

  1. ස්වයං දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් කැමැත්ත ප්‍රකාශිත ලියවිලි, රාජ්‍ය හෝ වෙනත් ආයතනවලට යොමුකරන ඉල්ලීම් අයදුම්කරුට අවශ්‍ය පරිදි සකසාගෙන පැමිණිය යුතුය.
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ආයුතුය.

සැලකිය යුතුයි: අයදුම්කරු, හා සාක්ෂිකරුවන් තානාපති කාර්යාලයේ අදාළ නිලධාරියා ඉදිරිපිටදී ඉහත ලියවිලිවල අත්සන් තැබිය යුතුය.


ගාස්තුව
KRW 55.000

කොරියානු ආයතන හෝ සේවා යෝජකයින් විසින් නිකුත් කරනු ලබන ලියවිලි සඳහා

  1. අදාළ සියලු ලියවිලි පළමුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර පසුව කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරවාගත යුතුය. (සමස්තලියවිල්කෙහි ඡායා පිටපතක් ද අවශ‍ කේ.)
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ආයුතුය.
ගාස්තුව
KRW 60.000

උපාධි සහතික, අ.පො.ස.( සා.පෙළ /උ.පෙළ) සහතික, ඩිප්ලෝමා සහ වෙනත් අදාළ සහතික




  1. පළමුව අදාළ සහතිකය නිකුත්කල රටේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයෙන් සහතික කරවා ගත යුතුය.
  2. වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතුය.
ගාස්තුව
KRW 16.000



පොලිස් නිෂ්කාශන වාර්තා සඳහා අයදුම් කිරීම

අයදුම්කරුවන් පහත දැක්වෙන දෑ රැගෙන ආයුතුය.

  1. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  2. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය
ගාස්තුව
KRW 55.000



ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැරීම

අයදුම්කරුවන් පහත දැක්වෙන දෑ රැගෙන ආයුතුය.

  1. ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතේ මුල් පිටපත
  2. ගමන් බලපත්‍රය
  3. උප්පැන්න සහතිකයේ මුල් පිටපත
  4. පුරවැසිභාවය ප්‍රදානය කිරීම පිලිබඳව කොරියානු අධිකරණ අමාත්‍යාංශයෙන් නිකුත්කල ලිපිය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයේ මුල් පිටපත්
    (සැ.යු.මෙම ලිපිය කොරියානු විදේශ අමාත්‍යංශයෙන් සහතික කරවාගෙන පැමිණිය යුතුය.)
ගාස්තුව
කොරියානු වොන් 30,000/-

ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කිරීම

අයදුම්කරුවන් පහත සඳහන් දෑ රැගෙන ආයුතුය.

  1. වත්මන් රියදුරු බලපත්‍රය
  2. වෛද්‍ය සහතිකයක්
  3. වලංගු විදේශ ගමන් බලපත්‍රය
  4. වීසා කාඩ්පත
  5. ජාතික හැඳුනුම්පත (තිබේ නම් පමණක්)
  6. කළු-සුදු ඡායාරූප දෙකක් (සෙ.මී. 3.5 x සෙ.මී. 4.5 ප්‍රමාණයෙන්)
  7. වර්තමාන රියදුරු බලපත්‍රය අස්ථානගත වී ඇත්නම් ඒ පිළිබඳ ව අදාළ පොළිස් ස්ථානයට සිදුකරන ලද පැමිණිල්ලේ පිටපතක්
ගාස්තුව
කොරියානු වොන් 140,000/-

සටහන : කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා වසරක් සඳහා කොරියානු වොන් 12,000 බැගින් අමතර ගාස්තු අය කෙරේ.