ශ්‍රී ලංකා-කොරියා සබඳතා

ශ්‍රී ලංකා-කොරියා සබඳතා

නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

තැප්‍රොබේන්, සෙරන්ඩිබ්, සිලෝන් සහ ඉන්දියන් සාගරයේ මුතුඇටය යන නම් වලින් හැඳින්වුනු ශ්‍රී ලංකාව, දකුණු ඉන්දියානු වෙරළට සමීපව පිහිටා ඇති නිවර්තන රටකි. අතීතයේ සිටම ශ්‍රී ලංකාව, අමුත්තන්, වෙළෙන්දන්, සංචාරකයන් ආකර්ෂණය කරගත් ස්වභාවික සුන්දරත්වය, දේශගුණය සහ කුළුබඩු සඳහා ප්‍රසිද්ධව ඇත. ඓතිහාසික කුළුබඩු මාර්ගය සහ පුරාණ මුහුදු සේද මාවත දිගේ පිහිටා තිබුණු වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ මෙම දූපත් රාජ්‍යය වර්තමානයේදී නැගෙනහිර - බටහිර මුහුදු සහ ගුවන් මාර්ග ඔස්සේ මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබේ.

ලොව පුරා ස්ථාන කීපයකදී පමණක් සංචාරකයන්ට දැකගත හැකි ආකර්ශනීය භූ දර්ශන, නොඉඳුල් වෙරළ තීර, සිත්කළු සංස්කෘතික උරුමයන් සහ අද්විතීය අත්දැකීම් සම්භාරයක සුවිශේෂී සංයෝජනයකින් මෙම කුඩා භූමි ප්‍රදේශය සමන්විතය.
යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන 8ක්, වැඩි ප්‍රමාණයක් නොඉඳුල් වූ කි.මී. 1330 ක වෙරළ තීරයක්, වන ජීවී බහුලත්වය පෙන්නුම් කෙරෙන අක්කර 250 ක උද්භිද උද්‍යානයක්, ජලාශ 25,000 ක් සහ වසර 2,500 කට වැඩි කාලයක් දක්වා දිවෙන සංස්කෘතියක්ද වර්ග කි.මී. 65,610 ක් වූ මෙම භූමියේ පැතිර පවතියි.

National

Anthem

National Anthem

National

  • ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

  • ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය

  • ශ්‍රී ලංකා සිතියම

  • ජාතික පක්ෂියා - වළි කුකුලා

  • ජාතික වෘක්ෂය - නා ගස

  • ජාතික පුෂ්පය- නිල් මානෙල් මල

General Information

පිහිටීම උතුරු අක්ෂාංශ 5° 55 සිට 9° 50 දක්වා , නැගෙනහිර දේශාංශ 79° 42 සිට 81° 52
පරිමාණය උතුරේ සිට දකුණට කි.මී. 433, නැගෙනහිර සිට බටහිර දක්වා කි.මී. 226
වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 65610
වෙරළ තීරය කි.මී. 1,340
මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල්
නිදහස් දිනය 1948 පෙබරවාරි 04
පරිපාලන අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
වාණිජ අගනගරය කොළඹ
දේශගුණය ඊසාන දිග මෝසම (දෙසැම්බර් සිට මාර්තු දක්වා) සහ නිරිත දිග මෝසම (ජූනි සිට ඔක්තෝබර් දක්වා)
සමග සාමාන්‍යයෙන් නිවර්තන දේශගුණයක්
උසම කන්ද පිදුරුතලාගල 2,524
උසම දිය ඇල්ල බඹරකන්ද, 263m
ජාතික උද්‍යාන සහ ස්වභාවික රක්ෂිතයන්හි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 8,000
ජනගහනය 20,966,000 (2015)
ජනගහන වර්ධන අනුපාතය 0.9% (2015)
ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 334
උපතේදී ජීවිතාපේක්ෂාව 74.9 (2014)
සාක්ෂරතාව 93.3 (ගැහැණු - 92.6 , පිරිමි - 94.2) (2014)
ජන කණ්ඩායම් සිංහල 74.9%, ශ්‍රී ලංකා දෙමළ 11.1% ශ්‍රී ලංකා මුස්ලිම් 9.3%, ඉන්දියානු දෙමළ 4.1%, වෙනත් 0.5% (2012)
ආගම් බෞද්ධ 70.1%, හින්දු 12.6%, මුස්ලිම් 9.7%, රෝමානු කතෝලික සහ ක්‍රිස්තියානි 7.6%, වෙනත් 0.03% (2012)
වත්මන් වෙළඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය 82.3 (2015)
වෙළඳපොළ මිල අනුව එක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 3924 (2015)
දළ දේශීය නිෂ්පාදිතය - තත්‍ය වර්ධන වේගය 4.8% (2015)
දළ දේශීය නිෂ්පාදිතයේ සංයුතිය-මූලාරම්භක අංශය අනුව කෘෂිකාර්මික : 7.9%, කාර්මික 26.2%, සේවා : 56.6%
ශ්‍රම බලකාය 8,973,000 (2015)
ශ්‍රම බලකාය - රැකියාව අනුව කෘෂිකාර්මික : 28.2%, කාර්මික: 26.0%, සේවා:56.6%
විරැකියා අනුපාතය 4.6% (2015)
උද්ධමන අනුපාතය 3.1 (2015)
කෘෂිකාර්මික අපනයන තේ, රබර් , පොල්, කුළුබඩු, එළවලු, සකස් නොකළ දුම්කොළ, මුහුදු ආහාර
කාර්මික අපනයන රෙදිපිළි සහ ඇඟලුම්; රබර් නිෂ්පාදන; ඛනිජ තෙල් නිෂ්පාදන; මැණික් හා ස්වර්ණාභරණ; ආහාරපාන සහ දුම්කොළ; යන්ත්‍ර හා යාන්ත්‍රික උපකරණ; මුද්‍රණ කර්මාන්ත නිෂ්පාදන; ප්‍රවාහන උපකරණ; සම්, සංචාරක භාණ්ඩ සහ පාවහන්; පිඟන් මැටි භාණ්ඩ
මුළු අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 10,505 (2015)
අපනයන හවුල්කරුවන් ඇමරිකාව - 27% ආසියාව 17%, යුරෝපා සංගමය - අනෙකුත් 12%, එක්සත් රාජධානිය- 10%, මැදපෙරදිග 10%, ජර්මනිය 4%, බෙල්ජියම - 3%, වෙනත් 17% (2015)
මුළු ආනයන ප්‍රමාණය ඩොලර් මිලියන 18,935 (2015)
ප්‍රධාන ආනයන වාහන, ඉන්ධන, රෙදිපිළි සහ රෙදිපිළි භාණ්ඩ, වෛද්‍ය උපකරණ සහ ඖෂධ, ගෘහස්ත උපකරණ, ආහාර පාන, දියමන්ති, වටිනා ගල්, ලෝහ, රසායනික නිෂ්පාදන, පොහොර, ගොඩනැඟිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ, යන්ත්‍රෝපකරණ
Import Partners ඉන්දියාව 23%, චීනය 20%, මැදපෙරදිග 8%, සිංගප්පූරුව 6%, ආසියාව - අනෙකුත් 17%, යුරෝපා සංගමය 9%, ඇමරිකාව 2%, වෙනත් 15% (2015)
මූලාශ්‍ර :
  • 1. මහ බැංකු වාර්තාව - 2015
  • 2. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යානමය අත් පොත - 2016