කොන්සියුලර් සේවා

කොන්සියුලර් සේවා

කොන්සියුලර් සහ රැකියා සුබසාධන සේවා ලබා ගැනීමට සෝල් නගරයට පැමිණීමට අපහසු කොරියාවේ ජීවත්වන සහ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා සේවාවන් ලබාදීමට දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වාර්ෂිකව සෝල් නගරයෙන් පිටත ප්‍රදේශවල කොන්සියුලර් සහ රැකියා සුබසාධන ජංගම සේවාවන් පවත්වනු ලැබේ.

කොන්සියුලර් සහ රැකියා සුබසාධන ජංගම සේවාවන්වල දී තානාපති කාර්යාලය විසින් පහත සඳහන් සේවා සපයනු ලැබේ.

  • නව විදේශ ගමන් බලපත්‍ර/තාවකාලික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම, උපත් ලියාපදිංචිය සහ පොලිස් නිශ්කාෂණ වාර්තා ලබා දීම සඳහා අයදුම්පත් භාර ගැනීම.
  • දිවුරුම් ප්‍රකාශ, රියදුරු බලපත්‍ර, අධ්‍යාපන සහතික, සහ ඇටෝර්නි බලපත්‍ර සත්‍යාපනයකිරීම.
  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීම , රැකියාව සම්බන්ධ කාරණා සඳහා උපදේශනය සහ තොරතුරු ලබාදීම.

කොන්සියුලර් සහ රැකියා සුබසාධන ජංගම සේවාවන් සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ අලුත් අවුරුදු උත්සව, ක්‍රිකට් තරඟාවලි, ආගමික/සංස්කෘතික වැනි විවිධ ප්‍රජා වැඩසටහන්වලට සමගාමීව වන අතර එහිදී, ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් විශාල පිරිසකට එකී සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබේ.

කොරියාවේ ඈත පළාත් වල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවා සැපයීම තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, කොරියානු රජයේ බලධාරීන්ගේ සහයෝගය ද ඇතිව අවශ්‍යතාව මත පදනම්ව, විවිධ නගරවල සංක්‍රමණික උපකාරක මධ්‍යස්ථානවල ද තානාපති කාර්යාලීය ජංගම සේවා පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

කානාපති කාර්යාලීය ජංගම සේවා පැවැත්වීමට අදාළව තානාපති කාර්යාලය විසින් සංවිධායකවරුන්ට නිකුත් කරන ලද උපදෙස් මාලාව සහ අයදුම් පත්‍රය පහත සබැඳි ඔස්සේ බාගත කර ගත හැකිය.

උපදෙස් මාලාව          අයදුම් පත්‍රය

මෙම වර්ෂයට අදාළ ජංගම කොන්සියුලර්, රැකියා සහ සුබසාධන සේවා පිළිබඳ නවතම තොරතුරු සඳහා තානාපති කාර්යාලීය නිල ෆේස් බුක් පිටුව ඔස්සේ පිවිසීමට හැකියාව ලැබේ.