Minister Dinesh Gunawardena explores possibilities to assist Sri Lankan Migrant workers
페이지 정보
- 작성자운영자
- 작성일20-04-11 20:06
- 조회4,682
관련링크
본문
Minister of Foreign Relations, Skills Development, Employment and Labour Relations, Dinesh Gunawardena met with the Secretaries and senior officials of the Ministry of Foreign Relations, the Ministry of Skills Development, Employment and Labour Relations and the Sri Lanka Bureau of Foreign Employment (SLBFE), today (10 April 2020), at the Ministry of Foreign Relations, to discuss ramifications emanating from the present Coronavirus pandemic to Sri Lankan migrant workers abroad and to explore possible mechanisms to assist these Sri Lankans.
Minister Gunawardena referring to approximately over 1 million Sri Lankan migrant workers, who are employed largely in the Middle East, South East Asia, East Asia, Europe, and Africa regions stated that the interests of these Sri Lankans need to be looked into by the two Ministries. During the meeting, he specifically drew the attention of the senior officials to the needs of the migrant workers, who are employed in the Gulf region. Minister Gunawardena said that measures taken by the host countries in this region to curb the spread of the Coronavirus has adversely affected the migrant workers and instructed senior officials to explore solutions to these implications.
The issues of unregistered migrant workers under the SLBFE, those who have recently lost their jobs and issues relating to remittances, were discussed at the meeting, to explore practical solutions, so those migrant workers of Sri Lanka could be assisted well during this challenging time. The Foreign Minister also said that the Government of Sri Lanka would take every possible step to assist and safeguard the rights and wellbeing of Sri Lankan migrant workers all over the world.
Foreign Secretary Ravinatha Aryasinha, Secretary to the Ministry of Skills Development, Employment and Labour Relations, D.M. Sarath Abayagunawardana and other Senior Officials who attended the meeting shared their views and insights on the current situation of migrant workers and emphasized that the two Ministries will work closely for the betterment of the migrant workers.
—————————————
මාධ්‍ය නිවේදනය
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට සහාය වීමේ හැකියාව පිළිබඳව සොයා බලයි
වර්තමාන කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට විවිධ ආකාරයෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ මෙම ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ පිළිබඳව ගවේෂණය කිරීම සඳහා විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (2020 අප්‍රියෙල් 10) දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හමුවිය.
විශාල වශයෙන් මැදපෙරදිග, අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, යුරෝපය සහ අප්‍රිකානු කලාපවල රැකියාවල නියුතු, දළ වශයෙන් මිලියනයකට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළේ, මෙම අමාත්‍යාංශ දෙක මඟින් එම ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා බැලිය යුතු වන බවයි. මෙම අමාත්‍යාංශ රැස්වීමේ දී එතුමා විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අවධානය යොමු කළේ ගල්ෆ් කලාපයේ සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව ය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා මෙම කලාපයේ සත්කාරක රටවල් ගෙන ඇති පියවර සංක්‍රමණික ශ්‍රමිකයන්ට අහිතකර ලෙස බලපා ඇති බවත්, මෙයින් ඉස්මතුවන කරුණුවලට විසඳුම් සෙවීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙම අභියෝගාත්මක කාල සීමාව තුළ දී ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට යහපත් අන්දමින් සහාය වනු පිණිස, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචි නොවූ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ගැටලු සහ මෑතක දී රැකියා අහිමිවූවන් හා මුදල් ප්‍රේෂණ සම්බන්ධ ගැටලු සඳහා වන ප්‍රායෝගික විසඳුම් ගවේෂණය කිරීම පිළිබඳව මෙම රැස්වීමේ දී සාකච්ඡා කරන ලදී. තවදුරටත්, ලොව පුරා සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්මට සහාය වීම සහ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ඩී. එම්. සරත් අබයගුණවර්ධන මහතා සහ මෙම රැස්වීමට සහභාගී වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳව තම අදහස් හා දැක්ම බෙදා හදා ගත් අතර, එම සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අභිවෘද්ධිය සඳහා මෙම අමාත්‍යාංශ දෙක සමීපව කටයුතු කරන බව අවධාරණය කළහ.