The 900th group of migrant workers arrived in the Republic of Korea on 19/02/2025
페이지 정보
- 작성자운영자
- 작성일25-02-26 14:41
- 조회22
관련링크
본문
900 වෙනි කණ්ඩායම අද දිනයේ දී දකුණු කොරියාවට
දකුණු කොරියා රැකියා බලපත්‍ර වැඩසටහන (EPS) යටතේ පැමිණි ශ්‍රීලාංකික ශ්‍රමිකයින් 82 දෙනෙකු අද දිනයේ ඉංචොන් ගුවන්තොටුපලේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා සුබසාධන අංශයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
කොරියාවේ E9 වීසා පදනම මත පැමිණෙන සියලු රැකියාලාභීන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් මෙලෙස පිළිගැනීමක් සිදු කරනු ලබන අතර නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ මෙම පිරිස වෙත කොරියාවේ රැකියා සිහිනය ජය ගැනීමට ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම ලබා දෙමින් අත්දැකීම් හා අවබෝධය ඇසුරෙන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එම දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණි රැකියාලාභීන් සියලු දෙනා තෙදින පුහුණු වැඩසටහනක් සඳහා කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ නිලධාරීන් (HRDK) වෙත යොමු කෙරිණි.
මෙම 900 වෙනි කණ්ඩායමත් සමග 2025 වසරේ දී දකුණු කොරියාවට පැමිණි ශ්‍රී ලාංකික රැකියාලාභීන් සංඛ්‍යාව 710ක් වන අතර මෙම ක්‍රමය ආරම්භයේ සිට පැමිණි මුළු ශ්‍රී ලාංකිකයින් ගණන 78153කි.